Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

Engine Oil ඉතිහාසය ගැන කතාකලොත් සාමාන්‍යයෙන් ලංකාවේ 80 දශකයට පෙර ගෙන්වූ වාහන වලට තමයි Monograde Engine Oil නිර්දේශ කර තිබුනේ. කාලයත් එක්කම එන්ජිම සහ එහි තාක්ෂනය වැඩිදියුණු වීමත් සමග එන්ජිමට අවශ්‍ය Oil එකෙහි තිබියයුතු ගුණාංග සහ අවශ්‍යතාවයන්ද ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තටම සංකීරණ වෙලා.

1980 ඉඳන් මේ වෙනකම් ගත්තොත් අවුරුදු 30කටත් වඩා එහෙමත් නැත්නම් පරම්පරාවකටත් වඩා වෙනසක් තියෙනවා. ඒකනිසා දැන් නිපදවන වැඩිදියුණු කළ සංකීරණ Diesel Engine එකකට පරම්පරාවකටත් වඩා පරණ Monograde Engine Oil එකක් ගැලපෙන්නැහැ කියන එක අපි කාටත් තේරෙණ කාරණයක්.

මේ හේතුව නිසා ඔබගේ නවීන Diesel එන්ජිමෙහි නිෂ්පාදකයන් විසින් නිර්දේශ කරන්නෙත් Multigrade  Diesel Engine Oil පමණයි.

මේකට හේතුව තවත් පැහැදිළි කලොත් අලුතෙන් නිපදවූ නව තාක්ෂණයෙන් යුත් Diesel Engine වල මනා ලිහිසිකරණයක් (Lubricate) වෙන්න නම් Oil එක අඩු උෂ්ණත්වයේදී (වාහනය Start කරද්දී) වගේම වැඩි උෂ්ණත්වයේදී (ටික වෙලාවක් ධාවනයෙන් පසු) Oil එක එන්ජිම තුළ ලෙහෙසියෙන් ගලා යා යුතුයි. නමුත් Monograde Engine Oil එකකට මේ හැකියාව නැහැ.

Monograde Engine Oil එකකට මේ හැකියාව ලැබෙන්නේ එන්ජිම හොඳට රත් වූ පසු පමණයි. ඒ උෂ්ණත්වයට එනකම් එන්ජිම ප්‍රශස්ථ ලිහිසිකරණයක් නොවී ධාවනය වෙන්නේ. මේ හේතුවෙන් එන්ජිමෙහි ක්‍රියාකාරීත්වයට සහ උපාංග ගෙවී යාමට කෙලින්ම බලපානවා. මේ නිසා එන්ජිමේ කල් පැවැත්මත් ඉන්ධන ක්‍රියාකාරීත්වයත් සැලකිය යුතු මට්ටමකට පහල බසිනවා.

දැනට වෙළඳපොලේ Oil එකේ ඝනකම නැතහොත් Thickness (Viscosity) (SAE - Society of Automobile Engineers Grading) එකට අනුවත් API (American Petroleum Institute) quality එක අනුවත් එකකට එකක් වෙනස් Multigrade Diesel Engine Oil වර්ග බොහෝමයක් තියෙනවා.

වැදගත්ම කාරණය වන්නේ ඒවා අතරින් ඔබගේ Diesel එන්ජිමට වඩාත්ම ගැළපෙන Multigrade Oil එක තෝරාගන්න එක. මේ සඳහා අත්පොතෙහි වාහන නිෂ්පාදකයා නිර්දේශ කර ඇති SAE අගය හා API Quality එක  පිලිබඳ සැළකිලිමත් වන්න. වැඩි විස්තර දැනගැනීමට විශේෂඥය උපදෙස් ලබාගන්න.

වැඩි විස්තර සඳහා : http://chevron.lk/delo-technology/

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook