Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

පි හෙමෝම දන්නවා Diesel Engine එකක් කියන්නේ Petrol Engine එකකට වඩා ගොඩක් බර වැඩ කරන, මනා නඩත්තුව අනිවාර්ය වන දෙයක් කියලා. නඩත්තුව සඳහා Engine Oil එක කියන දේ ප්‍රධාන කාර්යයක් ඉටුකරණ බව ඔබ අනිවාර්යයෙන් දන්නා කාරණයක්.

හැමවෙලේම ඔබගේ Diesel එන්ජිමට වඩාත්ම ගැළපෙන Engine Oil එක තොරගනිද්දී මෙන්න මේ දේවල් ගැන අපි හැමෝම සැලකිලිමත් වෙනවා.

01. වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාව
02. එන්ජිමට කිසිඳු හානියක් නොවී ආරක්ෂා කිරීම
03. එන්ජිම ඉක්මණින් ගෙවී නොයාම



එන්ජිමක Service කිරීමකදී සිදුවන්නේ Oil ඉවත්කරණ විට ඒ සමග එන්ජිමෙහි තියෙන අපද්‍රව්‍යත් ඉවත්වී යනවා. එකයි Oil එක කළු පාටට දකින්න ලැබෙන්නේ. මේ ආකාරයට oil එක මගින් Engine එක ඇතුල පිරිසිදු කර තිබීම එන්ජිමේ මනා ක්‍රියාකාරීත්වයට ඉතා හොඳයි. හැබැයි මෙතැනදී අපි ප්‍රවේසම් වෙන්න ඕනි කාරණයක් තියෙනවා. ඔබ Quality එකෙන් අඩු Oil එකක් පාවිච්චිකරලා තිබුනොත් Oil එක කොහොමත් කළු පාට වෙලා තමයි ඉවත්වෙන්නේ. මෙන්න මේකට කියනවා Oil කරවෙලා (Oxidized) කියලා. ඒකනිසා එන්ජිමෙහි කල්පැවැත්ම ගැන සැලකිලිමත් වන්නේ නම් හොඳ තත්වයේ Diesel Engine Oil එකක් පාවිච්චි කිරීම අනිවාර්ය වේ.

වෙළඳපොලේ තියෙන හැම Diesel Engine Oil එකක්ම හොඳ Quality Engine Oil එකක් නොවෙන අතර එය ඔබගේ එන්ජිමට ගැළපෙන Oil වර්ගයක් නොවෙන්න පුළුවන්. Quality Oil එකක් තෝරාගන්න එක ගොඩක් වැදගත් කියලා ඉහත කරණා වලින් තේරෙනවනේ.
ඒකට කරන්න තියෙන පළමු සහ හොඳම දේ ඔබගේ වාහනයේ අත්පොතෙහි නිර්දේශ කරලා තියෙන ඝනකම (Viscosity) හා Quality එක ඇති Oil එකක් තෝරගන්න එක. Oil එකේ quality එක ගැන බලද්දී API (American Petroleum Institute) එක වඩාත් වැදගත්. API එකෙන් Oil එකේ ගුණාත්මක බව සහ ප්‍රමිතිය සහතික කරයි. මේ ගැන වැඩිදුර විස්තර පහත ලින්ක් එකෙන් දැනගන්න පුළුවන්.
https://www.api.org/oil-and-natural-gas/wells-to-consumer/fuels-and-refining/diesel/suggested-diesel-pump-labels

එත් එක්කම Oil එකේ thickness (Viscosity) එක එහෙමත් නැත්නම් ඝනකම SAE අගය (Society of Automobile Engineers) අනුව  තීරණය වෙනවා.

ඔබගේ වාහනයේ අත්පොත ඔබගාව නැත්නම් සමාන වර්ගයේ වාහනයක අත්පොතක හෝ විශේෂඥයෙක් ගෙන් අසා හොඳට හොයලා බලලා වඩාත්ම ගැලපෙන Diesel Engine Oil එක තෝරාගන්න.

අපි හිතනවා මේ කාරණා වලින් ඔබට හොඳ Diesel Engine Oil එකක් තෝරාගන්න ක්‍රමය පැහැදිළි වෙන්න ඇති කියලා. කෙටියෙන් කිව්වොත් ඔබගේ වාහනයේ අත්පොතෙහි නිර්දේශ කරලා තියෙන Oil එක තෝරාගන්නා විට API Quality එකයි SAE Grade එකයි පරීක්ෂා කිරීම තමයි හොඳම දේ.

වාහනයේත් ඔබේ ජීවිතයේත් බර අදින Diesel එන්ජිමට ප්‍රමිතියෙන් ඉහළ Engine Oil එකක් පාවිච්චි කිරීම කොතරම් වැදගත් ද යැයි ඔබට දැන් වැටහේවි.

වැඩි විස්තර : http://chevron.lk/delo-technology/

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook