Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ISOSYN තාක්ෂණය ගැන දැනගන්න කලින් අපි මුලින්ම බලමු ලිහිසි තෙල් එහෙමත් නැත්නම් Lubricants හදන්නේ කොහොමද කියලා. Lubricant එකක වැඩිපුරම අඩංගු දේ තමයි Base Oil එක. මේ Base Oil එක ක්‍රම දෙකකින් ලබාගන්න පුළුවන්.

එකක් බොරතෙල් පිරිපහදු (Crude Oil Refine) කර ලැබෙන ඛනිජ තෙල් (Mineral Oil) වලින්. මේවගේ පිරිපහදු කර සාදාගන්නා Mineral Base Oil එකක අපද්‍රව්‍ය තියෙන්න පුළුවන් හැකියාව තරමක් වැඩි. විශේෂයෙන් Sulphur වගේ අපද්‍රව්‍ය.  සාමාන්‍ය Mineral Base Oil එකකින් හදන Lubricant එකකට Service එකකින් පසු ගොඩක් වැඩි කිලෝමීටර් ගණනක් අනුමත කරන්නේ නැහැ.

අනිත් වර්ගය නම් කර්මාන්ත ශාලාවක් තුල සාදාගන්නා කෘතීම Base Oil එක. අපි කව්රුත් දන්නා විදියට කිව්වොත් Synthetic Oil. Synthetic Oil එක නිෂ්පාදනය කරන්නේ මනා තත්ව පරික්ෂාවක් යටතේ පාලනය කරන ලද පරිසරයක් ඇති කර්මාන්තශාලාවක් තුල නිසා එහි නිෂ්පාදනය කරණ Synthetic Base Oil එකේ අපද්‍රව්‍ය තිබීමට ඇති හැකියාව නැති තරම්. මීට අමතරව දිගු කල් පාවිච්චිය (Longer Service mileage), ඉහල උෂ්ණත්ව වල උනත් මනා ක්‍රියාකාරීත්වය වගේ ගුණාංග ද Synthetic Base Oil සතුයි. මේ නිසා Synthetic Base Oil එක තත්වයෙන් උසස් සහ මිලෙන් ඉතා අධික බව අපි හැමෝම දන්නා කාරණයක්.

අපි දැන් බලමු මේ Delo Brand එකෙන් එන Multigrade Engine Oil වල තිබෙන ISOSYN තාක්ෂණය කියන්නේ මොකද්ද කියලා. මේක Synthetic Base Oil එකක ඇති Quality එක, ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දීම, අතිශයෙන් පිරිසිදු එනම් අපද්‍රව්‍ය අඩංගු නොමැති කම වැනි කරනා නිසා සහ ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනයට ගැළපෙන Additives (රසායනික ද්‍රව්‍ය / ආකලන) භාවිතා කර සංකීරණ තත්ත්ව පරීක්ෂණ යටතේ නිෂ්පාදනය කර ඇති නිසා. සාමාන්යෙන් වාහනයේ තත්වය අනුව කිලෝමීටර 15,000 හෝ 20,000 30,000 උනත් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. ඉහල උෂ්ණත්ව වල මනා ක්‍රියාකාරීත්වයක් ඔබගේ එන්ජිමට ලබාදෙන්න මේ ISOSYN තාක්ෂණයට පුළුවන් වෙලා තියෙනවා.

ISOSYN තාක්ෂණය නිසා තත්වයෙන් උසස් Caltex Delo Diesel Engine Oil වල Synthetic Oil එකකට සාපේක්ෂව සාධාරණ මිළකට වෙළඳපළෙන් ලබාගන්න පුළුවන්. උසස් තත්වය, ඉහල උෂ්ණත්ව වලදී මනා ක්‍රියාකාරීත්වය සහ Synthetic Oil වලට සමාන හෝ ඊට වඩා වැඩි දුරක් ධාවනය කිරීමට ඇති හැකියාව ආසියානු කළාපය පුරා කරලා තියෙන සමීක්ෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙනවා.
මේ ISOSYN තාක්ෂණය සඳහා අපි හැමෝම දන්නා Chevron Lubricants සමාගම මගින් පේටන්ට් බලපත්‍රය ලබාගෙන තත්වයෙන් උසස් Diesel Engine Oil එකක් ඉතා සාධාරණ මිලිකට ලබාගැනීමේ හැකියාව උදාකර දී තිබෙනවා.

Chevron Lubricants සමාගම ගැන තවදුරටත් කිව්වොත්, ලෝකයට ඉස්සෙල්ලාම Diesel Engine Oil එකක් Delo ලෙස හඳුන්වලා දුන්නේ Chevron.

අවසාන වශයෙන් කිව්වොත් ISOSYN තාක්ෂණයට ස්තූති වන්න තත්වයෙන් ඉහළ Diesel Engine Oil එකක් සාධාරණ මිළකට වෙළඳපළෙන් ලබාගන්න පුළුවන් හැකියාව ලැබී තිබෙනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook