Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ සමහර වැදගත් තොරතුරු තමා වෙත නොලැබුණද අගමැති ලෙස සිදු වූ අතපසුවීමේ වගකීම තමා භාර ගන්න බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 26 වනදා ජාතිය අමතමින් පැවසීය.

සිදු වූ දුර්වලතාව පිළිබඳව තමා අවන්කවම ජනතාව වෙත කනගාටුව පළ කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මෙය සාමාන්‍ය ත්‍රස්තවාදයක් නොවන බවත් මෙය දෘෂ්ටිවාදී අන්තවාදී අදහස් දරන අයිඑස්  අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ එකක් බවට හෙළි වී ඇති බවත් අගමැතිවරයා කීය.

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දිය  අන්දමින් නීතිය ශක්තිමත් කිරීමටත් ලොව සියලු රාජ්‍යයන්ගේ පූර්ණ සහාය ලබාගෙන මෙම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට පියවර ගන්න බවට සහතික  වෙමින් අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook