Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ්හි මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ දෙමටගොඩ පදිංචි අයියා මලෝ දෙදෙනාගේ වැඩිමහල් සහෝදරයා දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසක සැඟවී සිටියදී පසුගිය 28දා දින අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිළධාරියෙක් පුවත්පතකට පවසා තිබෙනවා.

මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් ඉෆ්තාන් අහමඩ් නමැති මෙම සැකකරු සන්තකයේ තිබී කඩු දෙකක් සහ වායු රයිෆල් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බවද එම පොලිස් නිළධාරියා සඳහන් කළේය.

එසේම මෙම සොහොයුරන් පදිංචිව සිටි දෙමටගොඩ ගුවන්පාලම අසල පිපිරීම සිදු වූ නිවෙසක තිබී රුපියල් කෝටි තුනක නිල මැණික් තුනක්, රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක්, රුපියල් ලක්ෂ 5ක විදෙස් මුදල් සහ රත්තරන් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත. සැකකරු මේ වන විට රහස් පොලීසියේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook