Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://news.gossiplanka.com/2019/06/rich-man-buried-with-BMW-car.html
මිනී පෙටිටිය වෙනුවට සුවපහසු BMW රථයක් තුල නයිජීරියාවේ ධනපතියෙක් සිය අවසන් ගමන ගිය පුවතක් වාර්තා වනවා. නයිජීරියාවේ Anambra State හි මිය ගිය පුද්ගලයාගේ ධනපති පුතා වන අසුබුකී ( Azubuike ) ට අවශ්‍ය වුයේ සිය පියාට දිය හැකි උපරිම අවසන් ගෞරවය ඔහුවෙත ලබා දීමටයි.

ඔහු සිය පියාගේ මෘත දේහය මිනී පෙටිටියක බහා වලලෑම වෙනුවට ඩොලර් මිලියන ගණනක් වැයකර අලුත්ම අලුත් නවීන BMW රථයක් මිලට ගෙන සිය පියා රථයට ඇතුල් කොට රථය වළ දැමුවා. මෙම සිදුවීම දැනගත් නයිජීරියානු මිනිසුන් සිය සමාජ ජාලා අඩවි හරහා අසුබුකිට බැණ වැදුනා. ඔවුහු අසුබුකිගෙන් ඇසුවේ '' දහස් ගණනක් කුස ගින්නෙන් මැරෙන මිනිසුන් ජීවත්කරවීමට හැකියාව තිබීයදී මළ මිනිසෙකු වෙනුවෙන් මිලියන ගණනක් වැය කිරීමේ තේරුම කුමක්ද කියාය.

මේ ආකාරයටම අවසන් ගමන් ගිය කිහිප දෙනෙක් පිළිබඳ ලෝකයෙන් වාර්තා වනවා.
1988 එක්සත් ජනපද මත්දව්‍ය ජාවාරමි කරුවෙක් මිය ගියවිට ඔහුගේ මෘත දේහය තැන්පත් කර ඇත්තේ gold-plated Mercedes-Benz රථයක් තුළය.
එහි වටිනාකම ඩොලර් මිලියන 19 ක්. මසිඩීන්ස් බෙන්ස් රථය පිටින්ම ඔහු වල දැමු බව කියයි. ඒ වනවිට ඔහු ජීවත්ව සිටියදී උපයා ඇති මුදල ඩොලර් බිලියන 2 ක් බව පැවසෙනවා.
2015 දී එනාගු කෝටිපති මත්ද්‍රව්‍ය ජවාරම් කරැවෙකු සිය මවගේ මෘත දේහය ඩොලර් මිලියන 100 ක් වටිනා  brand new Hummer රථයක වළ දමා තිබුණා.


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook