Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ළැඹෙන 06 වැනි දින පාසල්වල දෙවැනි වාරය ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් දිවයිනේ සියලුම පාසල්වලට ත්‍රිවිධ හමුදාව සහ පොලිස් ආරක්ෂාව සපයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.


විශේෂයෙන් පාසල් ආසන්නයේ වාහන නතර නොකරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සැකකටයුතු වාහනයක් පිළිබඳව තොරතුරු වෙතොත් එවැනි වාහන ආරක්ෂක ස්ථානයකට රැගෙන ගොස් පරීක්ෂාවට ලක් කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එසේම සියලු ආගමික ස්ථානවලටද මේ වනවිට ආරක්ෂාව සපයා ඇති බවද හෙතෙම කියා සිටී. තවද ත්‍රස්තයන්ගේ සියලු සම්බන්ධතා මේ වනවිට අනාවරණය කරගෙන ඇති බවද ත්‍රස්තයන් විශාල වශයෙන් ඒ හරහා දුර්වල කිරීමට හැකියාවක් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook