Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://news.gossiplanka.com/2019/07/younger-suicide.html
පුටාගැන්මක් බව කරුණාවෙන් සලකන්න..පොඩි වෙලාවක් අරන් කියවන්න..

"හත් දවසේ බණ වෙලාවේ අම්මව ක්ලාන්තය හින්ද වැටුණ,

අම්මව කාමරේට උස්සන් ගියේ පොඩි නැන්දා එයාව උස්සන් ගියේ මළගෙදර දා ඉඳන්ම නොකා ඉඳලමද මන්දා පුළුන් කෑල්ලක් අරන් යනව වගෙයි.

මාත් ජනේලයෙන් ඔළුව දැම්ම කාමරේට,

අල්මාරිය තාම එහෙම්මයි,

මගේ ගෙදට්ට අදින ඩෙනිම් ෂෝට ඇඳුම් ට්‍රැක් එකේ කේශාරි දුන්න ෆර්ෆියුම් එකේ සුවඳ දිදී තාම තියෙනව,

පොඩි නැන්ද වතුර ඉස්ස පාර අම්මට සිහිය ආව,

" කාල හිටාන් අක්කේ මොක කරන්නත් කලින්....!
වෙච්ච දේවල් වුණා විමලා අක්කේ දැන් අපි ඉස්සරහට මුහුණ දෙන්ඩෝන, " යැයි කියමින් අම්මගේ පපුව අතගාන්නේ පොඩි නැන්දමයි,

මට මතකයි කරවල හොද්දක් හැදුවත් පොඩි නැන්දා දීසියක් අපේ ගෙදරට එවනව,

ඒ තරම් ලෙංඟතුයි පොඩි නැන්දා අපිට,

" බණ ඉවරවෙලා හාමුදුරුවෝ පන්සලට වඩින්නයි හදන්නේ අම්මේ....! " ඒ මගේ නංඟියා,

එයා ඇඳගෙන ඉන්න සුදු සායේ කහ පාට පැල්ලම් ඒ හුඟක් පරණ හින්ද ඇඳුම,

ඒකීට අඳින්න හරියකට යටසායක්වත් නෑ මං හිතන්නේ අණ්ඩ නොදැම්ම,

නංඟි අම්මව වත්තන් කරගෙන යද්දී මගේ පපුව හෝස් ගාල ගියා,

ඒ අතරම නලීන් ඇවිත් හිමිහිට කතාව රසික එක්ක,

" කේශාරි ගිහින් නේද බං ධම්මිකයා එක්ක,
යද්දී ඒකීගේ බඩටත් මාස තුනක්ලු.... "

" නෑ....? " රසික මවිතයෙන් වගේ ඇහුව,

" නෑ නෙවෙයි යකෝ ඔව්, " කියල නලීන් කියද්දී මගේ පපුව පිච්චිලා ගියා,

...................................................................................

O/ල් ඉවරවෙලා රෙසුල්ට් එනකල් නංඟිවයි අම්මවයි රකින්ඩෝන හින්දා හංදියේ සුමනේ මුදලාලිගේ ගරාජ් එකට වැඩට ගියේ හිත හදාගෙන,

මගේ වයසේ ආතල් ගනිද්දී හවසට හවසට මං කරේ ගරාජ් එකේ වැඩ කරල තව කීයක් හරි හොයාගත්තු එක,

මාස දෙකක් විතර වැඩ කරද්දී අහම්බයෙන් වගේ මුදලාලිගේ ගෙදර එක්කන් යනව මාව,

එදා රෑ තමයි කේශාරිව දකින මුල්ම දවස,

පිස්සුවෙන් වගේ මගේ ලෝකයට ඇවිත් මටත් පිස්සු හදල මාව කෑව යස්සණිය,

අපි ලෝකයාට හොරෙන් ආදරය කරා,

මාස තුනක්,

ඒ මාස තුනේ අපි ඇවිද්ද,

බස් වල පෙම්මුල්ලේ එයාව තුරුළේම තියාගෙන ගියා,

එයා ක්ලාස් ඉවරවෙලා එද්දී හැම ඉරිදම අපි කළුතර බෝධියත් වැඳගෙන එන්නේ,

හරි ලස්සනයි කෙල්ල,

නිළියක් වගේ,

වෙලාවකට පුදුමත් හිතුණ එයා මට කැමති උනහම,

අපි දෙන්නගේ අදහස් ගැලපෙනව,

ඒ හින්ද හුඟක් වෙලාවට අපි දෙන්න සතුටින් උන්න,

මේ ගිය ඉරිදා තමා ඔක්කොම දේවල් සිද්ධවුණේ,

මුදලාලි මට කිව්ව ගෙදරට ගිහින් කෑම එක අරන් එන්න කියල එයාගේ බයික් එකේ යතුර දීල,

මාත් මිටින් මුදාහල කුරුල්ලෙකු වගේ පියෑඹුවේ කේශාරි එදා ක්ලාස් නොගිය බව දන්න හින්දමයි,

බයික් එක ඉස්තෝප්පුවට කිට්ටුවෙන්ම නවත්තල දිව්වේ කේශාරිගේ කාමරේ ලඟට,

ජනේලේ ගාවට ගියා විතරයි මතක මට තවම,

එයා ධම්මිකයගේ ඇඟ උඩ ඇඳුම් නැතුව ,

මට කරකියාගන්න දෙයක් නැතුව එක තැනම ගල්ගැහුණ,

අනේ මොනවද මේ දකින්න මං....!

තවත් මට මෙතන ඉන්න බැහැ,

හරවගත්ත බයික් එක,

කෙළින්ම ගියේ මුහුදට,

බෑ මට පීනන්න පුළුවන්,

ආයේ හරවගෙන ආව ස්ටේෂන් එක ලඟට,

පැයක් උන්න සද්දයක්වත් නැතුව එතනම කඩේකින් ගත්තු සිගරැට් දෙකත් බීලම,

වැඩක් නෑ,

මතකෙට ආව ඔක්කොම,

අපි අනාගතය ගැන හිතපුව,

ඒ අත් දෙක අල්ලන් මෙතනත් ගිහින් තියෙනව පරිස්සමට රේල් පාර පන්නගෙන,

අනේ මං එයාව පරිස්සම් කරා මලක් වගේ,

ඒ හිනාව,

කතාව,

මතක් වෙනව මට,

හුස්ම හිරවෙලා වගේ දැන් නම්,

ඔක්කොම කමක් නෑ කියමුකෝ ඒත් අනේ අරම ඉන්නකොට කොහොම දකින්නද....?

ඈතින් ඇහුණ කෝච්චියක් එනව,

ගත්ත තීරණයක්,

ලඟටම එද්දී ගිහින් තිබ්බ බෙල්ල හිත හදාගෙනම,

.....................................................................................

" ලස්සන කොල්ලා, "

" මෙවුන්ට ආත්මයක් හම්බවෙලා ජීවත් වෙන්ඩ පින නැහැ, "

" මෙවුන් බෙල්ල තියනව අපිට පරක්කුවෙනව,
මට හරියටම ඉන්ඩෝන ගාල්ලේ 03:00 වෙද්දී පරක්කුවුණොත් වැඩ ගොඩක් පාඩුයි, "

" දෙමව්පියන්ට තමා දැන් දුක, "

ඒ දෙබස් ටික නම් මට මාවම එපා කෙරෙව්ව ආයෙත්,

එතනට ආව මගේ පංතියේ කොල්ලෙක්,

" හපෝයී නිශා නේද මේ....? " කියල එක තැන ඉඳගත්තු එයා වමනේ දැම්ම,

.....................................................................................

අම්ම අඬාගෙන ආව ඉස්පිරිතාලේට,

" අනේ මගේ දෙයියා....!
උඹ මොකක්ද රත්තරන් පුතේ මේ කරගත්තේ,
උදේ මගෙන් බත් කට කාල ගියා කොල්ල නේද මේ....?
මෙව්ව දකින්න මොන තරම් පවුකාරියද්ද මං,
අප්පත් ගියා,
පුතත් ගියා,
මගේ කෙල්ලයි මායි කොහොමද ජීවත් වෙන්නෙ දැන්, "

අම්මගේ අඳෝනාවට මගේ ඇස් දෙකේ කඳුළු,

හැබැයි,

එව්ව වැටෙන්නෙ නැහැ,

නංඟි තාම ක්ලාස් එකේ ඇත්තේ,

එයා දැනගත්තම මොනව වෙයිද මන්ද....?

පොඩි නැන්දා ලියකියවිලි වල වැඩ ඉවරකරගෙන මහින්ද මල් ශාලාවට කතාකරල කියල අම්මවත් එක්කන් ගෙදර ගියා,

මාත් අම්මලගේ පස්සෙන්ම ගියා,

අම්ම මගේ පණ,

යද්දී ත්‍රීවීලර් එකේදී අම්ම මළගෙදරට යන වියදම ඇහුව ත්‍රීවීලර් එකේ අයියගෙන්,

අනේ මාලේ තියල අම්ම හතලිහක් අරන් එන්න කිව්ව පොඩි නැන්දට ලංකා බැංකුව ලඟ,

පොඩි නැන්දා කිව්ව ඒ සල්ලි පස්සෙ කරගමු අක්කේ එව්ව දැන් අපි බලාගන්නම් කියල,

මගේ අම්ම දුක්විඳිනව දැන් මගේ මෝඩ තීරණය හින්ද,

අසරණ අම්මා....!

ගෙදර ඇවිත් අම්ම කෙළින්ම ගියේ මගේ ෆොටෝ එක ලඟට,

ඒ මං ශිෂ්‍ය නායකයෙක් වෙලා කෝට් දාල ගත්තු ෆොටෝ එක,

අම්ම ඒකට හරි ආසයි,

" මගේ කොල්ල කෝට් එකක් දාල මහත්තයෙක් වගේ ඉන්නවනේ, " කියල නිතරම කියනව,

.....................................................................................

නංඟි ආව හවස,

අම්මේ කියල විතරයි ඒකී කිව්වේ දොරකඩම ඇඳගෙන වැටුණ,

මගේ මෝඩ තීරණය වේඳනා දීල තියෙන්නෙ අසරණ මගේ පවුලේ අයට,

එක පිම්මේ ගියා කේශාරිව හොයාගෙන,

එයා පොතක් කියවනව මුකුත්ම නොදන්න බබා වගේ,

කණපුරෝලම දෙන්ඩ හිතුණ,

දෙක බෑ වගේ ඉඳන් මාව කෑව යස්සණිය,

කේශාරි කාමරේට ගිහින් ධම්මිකයගේ මතකය ආවර්ජනය කරන්නට මෙන් ඇඳේ වැතිරුණ,



තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook